අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද දිනයේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

නව මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමේ අරමුණින් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර තිබුණි.

ඒ අනුව ඔහු ලබන 16වන දින මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට ද නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *