අඟහරුවාදා සිට දුම්රිය 27ක් ධාවනයට එක් කෙරේ

ලබන අඟහරුවාදා (26) දිනයේ සිට සිකුරාදා (29) දක්වා දුම්රියන් 27 ක් ධාවනය එක්කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10 ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 09 ක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය 05 ක්ද, පුත්තලම් මාර්ගයේ දුම්රිය 02 ක් හා උතුරු මාර්ගයේ එක් දුම්රියක් පෙරවරුවේ කොළඹ කොටුව සහ මරදාන දක්වා පැමිණීමට නියමිතව තිබේ.

අදාළ දුම්රියන් නැවතත් පස්වරුවේ කොළඹ කොටුවේ සහ මරදානේ සිට අදාළ ගමනාන්ත දක්වා ධාවනය කිරීමටද කටයුතු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *