අගෝස්තු 5 සහ 6 සුරාසැල් වැසේ, මහජන පැමිණිලි සඳහාත් අංකයක්

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ලබන 05 සහ 06 වැනිදා යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ. ඒ මහමැතිවරණය හේතුවෙන්.

මෙම තීරණයට අනුව ක්‍රියා නොකරන සුරාබදු බලපත්‍රධාරීන් පිළිඹදව නීතිය තදින්ම ක්‍රියාත්මක කර, ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට මෙන්ම ඔවුන්ට එරෙහිව “කාර්මික අපරාධ” චෝදනාවන් ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමෙන්තුව දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *