අගමැති මහජන සම්බන්ධතා අංශයක් – මහජන ගැටලු විසඳීම ක්‍රමවත් වෙයි

මින් ඉදිරියට මහජනතාව අදාළ අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීරණය කිරීම අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය මගින් සිදු කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශයක් අද(3) විවෘත කෙරිණි. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීය.

එහිදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජනතාව විසින් ඉදිරිපත් කරන ඔවුන්ගේ ගැටලු අදාල අමාත්‍යාංශ වෙත යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන බවයි.

ඉන් පසු එම කාර්යය සිදුවුයේද නොවුයේද යන්න සම්බන්ධයෙන්ද පසුවිපරමක් සිදු කිරීමද මෙම කර්යාලය මගින් සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම කර්තව්‍ය පසුගිය කාලයේ සිදු කළ බවත් කෙසේ වෙතත් මෙය නිවැරදීව සාර්ථකව සිදු කිරීම වඩා වැදගත් වන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *