අගමැති නව අයවැය ගැන සාකච්ඡා පවත්වයි

නව අයවැයක් සහ ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) වාණිජ මණ්ඩල නියෝජිතයින්, භාණ්ඩාගාරය සහ ආර්ථික උපදේශකයින් හමුවිය.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවේදී අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ප‍්‍රාග්ධන වියදම් සැලකිය යුතු ලෙස අඩු කෙරෙන නව අයවැයක් ඉදිරිපත් කරන බවයි.

ඉතිරි කරන මුදල් සුබසාධන වැඩසටහන් සඳහා යොදවන බව ඔහු පැවසීය. යුක්රේනයේ පවතින යුද්ධයත් සමඟ දේශීය වෙළෙඳපොළේ වැරදි කළමනාකරණය හේතුවෙන් රට ආහාර හිඟයකට මුහුණ පා සිටින බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙම ආහාර හිඟය ලංකාවට පමණක් නොව ගෝලීය වෙළෙඳපොළට ද බලපානු ඇත.

හිඟයේ බලපෑම අවම කිරීමට රජය උත්සාහ කරන බව ඔහු පැහැදිලි කළේය.

ජනතාවට සහන බෙදාදීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කෙරුණා.

ඔහු එකඟ වූ අතර සුභසාධනය සඳහා සුදුසුකම් ඇති අය සඳහා වන නිර්ණායක සමාලෝචනය කරන බව ඔහු ප්‍රකාශ කළේය.

ඊට අමතරව ආර්ථික අයිතිවාසිකම් ඇතුළත් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සංවර්ධන ඉලක්ක සපුරා ගත හැකි තරඟකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා භාණ්ඩාගාර සැලැස්මක් ද ඔහු යෝජනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *