Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ශ්‍රී ලංකාවේ අලි ප්‍රශ්නය ඉස්මතු කරයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ විවෘත කසළ රඳවනයක ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් අලි ඇතුන්ට සිදුවන අකරතැබ්බය පිළිබඳව හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ අවධාරණය කර තිබේ.

ඔස්කාර් සම්මානලාභී නළුවා ඇසෝසියේටඩ් ප්‍රෙස් හි ප්‍රවෘත්ති වාර්තාවක් ට්වීට් කර ඇති අතර, එය කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දෙන් ප්ලාස්ටික් කුණු කසළ අනුභව කිරීමෙන් සති අන්තයේ තවත් අලි දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

නැගෙනහිර ශ්‍රී ලංකාවේ විවෘත කසළ රඳවනයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා එම කලාපයේ අලි ඇතුන් මිය යන බවට සංරක්ෂණවේදීන් සහ පශු වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත.

ඔබේ අදහස