“හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට ගැනීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා” – සජබ

හිටපු ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා අත්අඩංගුවට ගැනීම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී  සියලුම ක්‍රියාවන්ට එරෙහිව කොන්දේසි විරහිතව සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමග එක්ව  කටයුතු කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවට අවධාරණය කරන බව එහි සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *