හිටපු කපිතාන් මැගසින් සහ උණ්ඩ සමග මාට්ටු

විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු ටි. 56 මැගසින් තොගයක් සහ  උණ්ඩ සමග යාගොඩමුල්ල මිරිස්වත්ත නිවසකදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

එම සැකකරු සමග ටි 56 මැගසින් 18 ක් ටි 56  උන්ඩ 25 ක් පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි රෝහන් ඕලුගල මහතාගේ සෘජු අධීක්ෂණය හා මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී මෙහෙයුම් හා පාලන පි. කුමාරදාස මහතාගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පදුමසිරි මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට ලද තොරතුරකට අනුව එම නිවස වටලා මැගසින් සහ  උණ්ඩ සමඟ සැකකාර විශ්‍රාමික හිටපු යුද හමුදා කපිතාන්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *