ජින්තුපිටියේ වෙඩි තැබීම ගැන විශේෂ විමර්ශන

වෙරළබඩ  ජින්තුපිටිය ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් වෙළෙන්දකු මියගොස් කුඩා දරු දෙදෙනකු බරපතල තුවාල  ලැබීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කොළඹ ජින්තුපිටිය විදිය අංක  එල්. ඒ ජේ නසරේන් නොහොත් කොන්ස්ටන් (43) නැමති වෙළඳාමේ යෙදෙන පුද්ගලයෙකි.

වෙඩි වැදිමෙන් තුවාල ලද වයස අවුරුදු 3 ක දැරියක් හා වයස අවුරුදු 4 දරුවකු ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුලත් කර ඇත.

මරණකරු නිවසේ සිටියදී තීරෝද රථයකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොළඹ වෙරළබඩ පොලිසිය සහ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *