හම්බන්තොට අයවැය සම්මතයි

හම්බන්තොට මහ නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්ද අටකින් සම්මත විය.

සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂයට බලය හිමි වී ඇති හම්බන්තොට මහ නගර සභාවේ අය වැයට පක්ෂව ඡන්ද 13 හා අයවැයට විරුද්ධව ඡන්ද 08 ලැබිණි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ සභිකයන් අටදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. අයවැයට පක්ෂව සමගි ජන බලවේගය 07 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 02 පොදු ජන එක්සත් පෙරමුණ 03 සර්වජන බලය 01 වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවිය.

ඒ අනුව වැඩි ඡන්ද 05 අයවැය සම්මත වූ බව හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඩී. ඒ ගාමිණී මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *