සූර්ය පැනල් සවිකරන්න ඉන්දියාවට දුන් ඉඩමේ බොරළු ජාවාරමක්?

සූර්යය පැනල සවිකිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදී ඇති ත්‍රිකුණාමලය මුත්තු නගර් ඉඩම්වල සිදුකළ අනවසර බොරළු කැපීමක් වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතාගේ මැදිහත්වීමෙන් නතර කරනු ලැබීය.

ඉඩම ලබාගෙන ඇති ඉන්දියානු සමාගමේ මෙරට නියෝජිතවරු විසින් මෙම නීති විරෝධී බොරළු කැපීම සිදුකර ඇති අතර ඒ සඳහා පාරිසරික ඇගයිම් වාර්තා හෝ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ ලබාගෙන නොතිබීණි.

ඉන්දියානු සමාගමට ලබා දී ඇති ඉඩම්වලට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා වහාම බොරළු කැපීම නතර කිරීමට නියෝග කළ අතර ඒ සම්බන්ධයෙන් ඉඩමේ මුල් අයිතිකාර ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවසුවේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් ගත එකඟතාවලට හා ලංකාවේ පවතින නීතියට අනුකූලව කටයුතු කිරීමට අදාළ සමාගමට දැනුම් දින ලෙසය.ඒ වන විටත් එම භූමියේ කොටසන බොරළු කපා ඉවත් කර ඇති අයුරු නිරීක්ෂණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *