සුව නි.ඇමති හදිසියේ ජාතික රෝහලට

කොළඹ ජාතික රෝහලේ කටයුතු පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා කොළඹ  ජාතික රෝහලේ හදිසි නිරීක්‍ෂණයක නිරත විය.

කොළඹ ජාතික රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන්ට අදාළ සහ අනෙකුත් පරිපාලන කටයුතු පිළිබඳව සොයා බැලීම සහ පවතින ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් මෙම නිරීක්ෂණය කර තිබේ.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී රෝහල් පාලනාධිකාරිය සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සමග සාකච්ඡාවකද නිරත විය.

මෙහි දී රෝහලේ දැනට පවතින අඩුපාඩු, උපකරණ, ඖෂධ, මානව සම්පත්, පරිපාලන ආදී අනෙකුත් කරුණු මෙන් ම සංවර්ධන වැඩසටහන්, රසායනාගාර සේවා ගැටළු සහ පැමිණිලි ආදිය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු සොයා බැලුවේය.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය හංසක විඡේමුණි මහතා මෙහි දී කියා සිටියේ ජාතික රෝහල සම්බන්ධව දෛනිකව වාර්තා වන ගැටළු වලට අදාළ වන කරුණු සොයා බලා ඒ සඳහා හැකි  කඩිනම් විසදුම් ලබාදීම අරමුණු කර‌ගෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත මෙම හදිසි නිරීක්ෂණය සහ සාකච්ඡාව පැවැත්වීමට කටයුතු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *