සුඛෝපභෝගී බසයෙන් මත්ද්‍රව්‍ය ගෙනිහිල්ලා

අම්පාර , පෙරිය නීලවන පොලිස් කොට්ඨාශය  හරහා කොළඹ සිට කල්මුණේ  සමන්තුරේ දක්වා ගමන් කළ සුඛෝපභෝගී බස් රථයක් පෙරියනිලාවනේයි වි.සි හන්දියේදි පරික්ෂා කිරිමේදි  රුපියල් මිලියන 40ක පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් අත්ඩංගුවට ගෙන ඇතැයි පෙරියනීලවන පොලිසිය කියයි.

ඔහු සතුව තිබු ගමන් මල්ලේ හෙරොයින් ග්‍රෑම්  15 මිලි ග්‍රැම් 600,අයිස් ග්‍රෑම් 73.මිලි ග්‍රෑම්  900,කේ.ජී. ග්‍රෑම් 34 මිලි ග්‍රෑම් 490 හෑස් ග්‍රැම් 94 මිලි ග්‍රෑම්  560,  තිබි අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අක්කරපත්තුව පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්  වලදි සමන්තුරේ අලිවන්නියාර් මාර්ගයේ කරවට්ටුකල් ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තවත් සැකකරුවෙක්  අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *