සාමදාන විනිසුරුවන් දූෂණයට එරෙහි පළමු පලිහයි

කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය කරන්නේ නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

සාම විනිසුරුවන් දූෂණයට එරෙහි පළමු මිනිස් පලිහ බවට පත් විය යුතු බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මේ  බව කීවේ නව සාමදාන විනිශ්චයකාරවරුන් 40 දෙනකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී එක්වෙමිනි.

සාමදාන විනිසුරු පදවිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රජා මට්ටමේ යුක්තිය ඉටුකිරීමේ වැදගත්ම කුළුණු වලින් එකක් ලෙස හඳුන්විය හැකියි. මෙම පත්වීම් ලිපි ලැබෙන විට, ඔබ ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් මම ඔබට කියන්න කැමතියි, ඔබ අද සිදුකරන්නේ තනතුරක් බාර ගැනීම පමණක් නොවේ.

ඔබ ජාතිකමය වශයෙන් සිදුකරන  පරිවර්තනයක වගකිවයුතු කොටස්කාරයකු බවට අද දින සිට පත්වෙනවා. අද සිට ඔබගේ රාජකාරිය තුළ නියෝජනය විය යුත්තේ දේශපාලන පක්ෂපාතිත්වය නොවේ. සම්බන්ධතා නොවේ.ඔබේ පත්වීම නියෝජනය කරන්නේ, කුසලතා,

අවංකත්වය, මහජන ගෞරවය, විනය සහ කිසිදු පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සේවය  කිරීමට ඇති සූදානමයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *