සබරගමු සරසවි ඇදුරෝත් රජයට කෝටි 9ක් පොලු තියලා

සබරගමු විශ්වවිද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 13 දෙනකුගෙන් කෝටි 9කට (92,299,644) වැඩි මුදලක් මෙතෙක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර සබරගමු විශ්වවිද්‍යාලයේ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් පස් දෙනකු හා දේශීය අධ්‍යයන නිවාඩු ලබාගත් නිලධාරින් තිදෙනකු අදාළ කාලයේදී අධ්‍යයන කටයුතු නිම නොකර නැවත සේවයට වාර්තා කර තිබූ හෙයින්   අධ්‍යයන කටයුතු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් එම අධ්‍යයන වියදම්  අයකර ගත යුතු වුවත් පසුගිය වසරේ අප්‍රේල් මාසය වන විටත් රුපියල් හය කෝටි හැට හය ලක්ෂයකට වැඩි මුදලක් අයකරගෙන නොතිබූ බව  වාර්තාවේ දැක්වේ.

මෙම මුදල් කඩිනමින් අය කර ගැනීමට  කටයුතු කරන්නැයි  ජාතික විගණන කාර්යාලය එහි ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *