එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ධීවරයන්ට හරියට දීලා නෑ

එක්ස්ප්‍රස් පර්ල්  (X – Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලැබුණු වන්දි මුදල් ධීවර වන්දි ගෙවීමට සහ වෙරළ සංරක්ෂණයට යෙදවීම සිදු වූ ආකාරය පිළිබඳ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

මේ අනුව මේ වන විට ලැබී ඇති වන්දි මුදල් ප්‍රමාණය සහ ඒවායින් ධීවරයන්ට වන්දි වශයෙන් ගෙවා ඇති මුදල් ප්‍රමාණය, වෙරළ ආරක්ෂණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල් ප්‍රමාණය සහ මේ වන විට ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාරතාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද මෙහිදී කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

රුපියල් මිලියන 293ක මුදලක් ධීවර අංශය වෙනුවෙන් තවමත් ඉතිරිවී ඇති බවද මෙහිදී පැමිණි නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී. මේ අනුව එම ලැබුණු මුදල ධීවරයින් වෙනුවෙන් නොගෙවීම සම්බන්ධයෙන් කාරක සභාව තම අප්‍රසාදය පළ කළ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ඇතැම් ධීවරයින් විදේශ ගතවීම සහ අදාළ වන්දිය ලබාගත යුතු පුද්ගලයා ඉදිරිපත් නොවීම නිසා මෙම වන්දි මුදල් ඉතිරිවී ඇති බවත් ඒවා ඉදිරියේදී ගෙවීමට කටයුතු කරන බවත්ය.

එක්ස්ප්‍රස් පර්ල්  (X – Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලැබුණු වන්දි මුදල් ධීවර වන්දි ගෙවීමට සහ වෙරළ සංරක්ෂණයට යෙදවීම සිදු වූ ආකාරය පිළිබඳ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *