සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පති ධුරයට

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා   සිට   පත්කර ඇත.

ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා දිවයිනෙන් බැහැරව යන අතර ඒ සඳහා සංජීව ධර්මරත්න මහතාට වැඩ බලන පොලිස්පති ධූරය  සඳහා අනුමැතිය ලබා දී ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ලබන (17) වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *