මරණ දණ්ඩනයට නියම වී සිටින බන්ධනාගාර රැඳවියෙකු අද ආරම්භ වූ 2022 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුව එම රැඳවියා සිරදඬුවම් විඳිමින් සිටියදී ‘අනුශය ආශාව’ නමින් පොතක් ලියා ඇත.
ශ්‍රී ලංකාව මරණ දණ්ඩනය නිකුත් කළද එය ක්‍රියාත්මක නොවන අතර ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරේ.
වැලිකඩ බන්ධනාගාරයේ තවත් සිරකරුවන් සිව් දෙනෙකු ද 2022/23 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
වැලිකඩ පිහිටි මැගසින් බන්ධනාගාර විභාග මධ්‍යස්ථානයේදී මෙම සිරකරුවන් විභාගයට පෙනී සිටීමට නියමිතයි.
මේ අතර යාපනය බන්ධනාගාරයේ රැඳවියෙකු ද 2022 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව වාර්තා වේ.