ශ්‍රී ලංකාවේ පාපන්දු සංවර්ධනයට FIFA සහාය දෙන බවට සහතිකයක්

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා සහාය ලබාදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සහ ක්‍රීඩකයන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ.

FIFA ආසියා සහ ඕෂනියා කලාපීය අධ්‍යක්ෂ සංජීවන් බාලසිංගම් මහතා ඊයේ (24) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මෙම සහතිකය ලබාදී තිබේ.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා FIFA වෙතින් ලබාගත හැකි සහාය පිළිබඳව මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ බවයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් වෙනුවෙන් FIFA සහාය ලබාදෙන බවට බාලසිංගම් මහතා අමාත්‍යවරයාට සහතික වී තිබේ.

FIFA සහාය ඇතිව පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත.

එමෙන්ම පාපන්දු ක්‍රීඩකයන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ.

මෙම සාකච්ඡාව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *