මඩකලපුව වව්නතිව් හි මෙගාවොට් 10 ක සූර්ය බලාගාරය වන Solar Universe අද විවෘත කෙරුණා.
බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් මෙගාවොට් 10 ක ග්‍රවුන්ඩ් මවුන්ට් සූර්ය බලාගාරය විවෘත කරන බව නිවේදනය කළේය.
WindForce PLC, Vidullanka PLC සහ HiEnergy Services (Pvt) Limited විසින් ආයෝජනය කර සංවර්ධනය කරන ලද එය ශ්‍රී ලංකාවේ 1 වන කෘෂි විදුලි බලාගාරය බව අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.
වව්නතිව් හි ඉදිකෙරෙන මෙගාවොට් 10ක නව සූර්ය බලාගාරය වාර්ෂිකව ගිගාවොට් පැය 20ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.