ශ්‍රී ලංකා නාවික හමුදාවට කාන්තාවන් 100ක් ඇතුළු නව සාමාජිකයින් 330ක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා නාවික හමුදා බලකායන්හි 267 වැනි බඳවා ගැනීම යටතේ නව සාමාජිකයින් 330 දෙනෙකු බඳවාගෙන තිබේ.

ඒ අතර කාන්තාවන් 100 දෙනෙකුද සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

මෙම බඳවා ගැනීමේ කටයුතු අගෝස්තු 13 සහ 14 යන දෙදින කොළඹදී සිදුකර ඇති අතර, නාවික හමුදා පිරිස් අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්න මහතාගේ සහභාගීත්වයෙන් එය පැවැත්විණි.

බඳවා ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව නව සාමාජිකයින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයට එක්ව ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *