ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බසික්ට පැය 72ක රැඳවුම් නියෝගයක්

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ශිරාන් බසික් සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

48 හැවිරිදි සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව  ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

පොලිසිය සඳහන් කළේ සැකකරුට එරෙහිව චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි. ඒ අතර,

  • පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, දෙහිවල සහ මිරිහාන පොලිස් ස්ථාන මගින් විමර්ශනය කරන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනා,
  • කළුතර සහ දෙහිවල පොලිස් ස්ථාන මගින් විමර්ශනය කරන ගිනිඅවි සන්තකයේ තබා ගැනීමේ සිද්ධි,
  • පිළියන්දල පොලිසිය මගින් විමර්ශනය කරන භයානක ආයුධ සන්තකයේ තබා ගැනීමේ සිද්ධි,
  • කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනය කරන නීති විරෝධී රැස්වීමක් හා හානි සිදුකිරීම සම්බන්ධ සිද්ධි

ඇතුළත් වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හරහා සැකකරු නීති විරෝධී වත්කම් උපයාගෙන ඇති බවටද පොලිසිය සැක පළ කරයි. එම දේපළ සහ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකෙරෙමින් පවතී.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *