ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අලුත් සභාපතිවරයෙක්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත බාරදෙනු ලැබීය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා 1986 වසරේ දී කොළඹ වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍ය වෘත්තියට පිවිස ඇත.

පානදුර රෝහලෙන් වෛද්‍යවරයකු ලෙස  රාජකාරී දිවිය ආරම්භ කළ කළුබෝවිල මහතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරී, වසංගත රෝග වෛද්‍ය නිලධාරී, ආයතන භාර වෛද්‍ය නිලධාරී ආදී වශයෙන් තනතුරු රැසක සේවයෙන් පසු හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයට පිවිසියේය.

වෛද්‍ය පරිපාලන සේවාවට අදාළ පශ්චාත් උපාධිය කොළඹ පශ්චාත් උපාධි ආයතනයෙන් 2002 වසරේ ලබාගෙන ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා ඉන් අනතුරුව පානදුර රෝහල, හොරණ රෝහල, කළුතර මහ රෝහලේ මෙන් ම  කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ලෙසත්, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) ලෙසත් කටයුතු කර ඇත.

වෛද්‍ය තමර කළුබෝවිල මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී  සිය ධූරයේ වැඩ බාර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *