මන්ත්‍රී පැන්ෂන් නැති කරන කෙටුම්පත එන කැබිනට්ටුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාට පසුගියදා යොමු කරනු ලැබීය.

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර  දුන් මැතිවරණ පොරොන්දුවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *