වෙන්නප්පුවේ වෙඩි තැබිමකින් අයෙක් මරුට තවත් අයකුට තුවාල

වෙන්නප්පුව වැව පාරේ 31 දින උදෑසන සිදුවු වෙඩි තැබිමකින් එක් අයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තුවාල ලැබු තවත් අයකු රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව උදාසිරිගම පදිංචි ධනුෂ්ක උදයශාන්ත නොහොත් කටා යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන් අයකු බව කියයි.

ඒ සමගම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති අනෙක් තැනැත්තා ගයාන් ප්‍රනාන්දු නොහොත් මොන්ඩා නැමති ලුණුවිල කිරිමැටියාන පදිංචි කරුවෙකු බව කියයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරු දින වෙන්නප්පුව පොලිසියට පැමින එහි පොත් අත්සන් කර ආපසු තම හිතවතේකු සමග යමින් සිටි අයකු බව කියයි.

මෝටර් රථයකින් පැමිනි කණ්ඩායමක් මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර වෙඩි තැබිමත් සමග වෙඩි ප්‍රහාරයට ලක්වු දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය මාර්ගය අසල කොන්ක්‍රිට් කානුවකට වැටි තිබු බව පොලිසිය කියයි.

ඒ සමගම දරුණු වෙඩි ප්‍රහාරයට ලක්වු තැනැත්තා ද එම කොන්ක්‍රිට් කානුවට වැටි එහිම මරණයට පත්ව ඇති බව විමර්ශන කටයුතු වල නිරත වෙන්නප්පුව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *