විශ්වාසභංගය ගැන නීති මතය

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර්  ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පවතින නීතිමය පසුබිම අනුව  භාර ගැනීමට කතානායකවරයාට දෙවරක් සිතන්න වේවි යැයි  මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

නියෝජ්‍ය මැතිවරයෙකුට එරෙහිව මෙයට පෙර  කිසි දිනක විශ්වාසභංග  යෝජනාවක්  ඉදිරිපත්ව නැතැයි  පැවසූ මහානාම හේවා මහතා නියෝජ්‍ය අමාත්‍යවරයාට විෂය පථයක් වෙන් නොවීම හෝ  ගැසට් නොවීම හේතුවෙන් මෙම නීතිමය බාධාව මතුවූ බවද  සඳහන් කළේය.

පවතින නීතිමය  තත්වය අනුව  මෙම යෝජනාව  භාර ගැනීම සැක සහිත බව පැවසූ මහාචාර්යවරයා කථානායකවරයා සිය අභිමතය පරිදි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී  තීරණයක් ගනු ඇතැයිද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *