වසර පහකට පමණ පසු පළමු වරට නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා T20 ජාත්‍යන්තර කණ්ඩායමට කැඳවා තිබේ.
ඒ, අයිචි-නාගෝයා ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායම නම් කිරීමත් සමඟය.
වසර තුනකට පසුව අශේන් බණ්ඩාරද ශ්‍රී ලංකා T20 කණ්ඩායමට යළි කැඳවා ඇති අතර, ඔවුන් දෙදෙනාගේ අත්දැකීම් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, සොහාන් ද ලිවේරා, සිනෙත් ජයවර්ධන, වනුජ සහන් සහ ගරුක සංකේත් පළමු වරට ශ්‍රී ලංකා T20 ජාත්‍යන්තර කණ්ඩායමට කැඳවා තිබේ.
කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චිගේ වෙත පවරා ඇත.
ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබා ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 29 වැනිදා නිසින්හිදී සිය තරගාවලි ආරම්භය සනිටුහන් කිරීමට නියමිතය.
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම:
සහන් ආරච්චිගේ (නායක), සොහාන් ද ලිවේරා, වනුජ සහන්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින), අශේන් බණ්ඩාර, දුෂාන් හේමන්ත, ලසිත් කෲස්පුල්ලේ, චාමික කරුණාරත්න, නුවන් තුෂාර, සිනෙත් ජයවර්ධන, තරිඳු රත්නායක, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත් සහ ගරුක සංකේත්.


