ලෝකය ඉල්ලන ගෝලීය පුරවැසියා හදනවා

ලෝකය අපේක්ෂා කරන ගෝලීය පුරවැසියෙක් නිර්මාණය කිරීමේ අභියෝගය ජයගන්නා බව මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් විජේවීර මහතා: පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් රුවන් විජේවීර මහතා මේ බව කීය.

“2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අධ්‍යාපනයේ සුවිශේෂී ප්‍රතිසංස්කරණ පිළිබඳව අද  විවාදය පැවැත්වෙනවා.

දශක ගණනකින් පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොකිරීම නිසා දරුවන්ට නවීන අධ්‍යාපනය අහිමි වී තිබෙනවා.සමාජයේ වර්ධනයක් මෙන්ම පරිවර්තනයක් අපේක්ෂා කරනවා නම් ඒ සඳහා හොඳම මෙවලම වන්නේ අධ්‍යාපනය බව අධ්‍යාපනඥ ජෝන් ලූවී පවසා තිබෙනවා.

සමාජය වඩා හොඳ කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිසංස්කරණය කළ යුත්තේ අධ්‍යාපනයෙන්. කාලයක් තිස්සේ අප රටේ අධ්‍යාපන පද්ධතියේ සමස්ත ප්‍රතිසංස්කරණයක් කර නැහැ.ගෝලීය තත්වයන් වෙනස් වුවත් ඊට සමපාතව අධ්‍යාපනය වෙනස්වී නැහැ.

ඒ නිසා අධ්‍යාපනයේ බරපතළ වෙනසක් විය යුතුයි.අධ්‍යාපන ක්‍රමය මෙන්ම  විෂය මාලාව පිළිබඳව බරපතළ අර්බුදයක් තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *