රුසියන් ගුවන් යානයක් කඩා වැටේ

රුසියානු අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යානයක් අනතුරට ලක් වී කඩා වැටුණි.

කඩා වැටෙද්දී යානයේ මගීන් 43 දෙනකු සහ නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනකු සිටි බව පැවසෙයි. මගීන් 43 දෙනා අතරේ කුඩා දරුවෝ 6 දෙනෙක් ද සිටියහ.

කඩා වැටුණු ගුවන් යානය, සයිබීරියාවේ ‘ඇන්ගාරා’ ගුවන් සේවයට අයත් ගුවන් යානයකි.

යානය රුසියන් චීන දේශසීමාව අසල ටින්ඩා නමැති නගර බලා පියාසර කරමින් තිබියදී රේඩාර්වලින් අතුරුදන් විය.

යානය කඩා වැටෙන්න ඇතැයි බිය පළ කරමින් සෝදිසි මෙහෙයුම් සිදුවුණු අතර, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට වනාන්තර ප්‍රදේශයකින් යානය් සුන්බුන් හමුවිය.

කඩා වැටුණේ රුසියාවේ නිෂ්පාදිත ‘ඇන්ටනෝව් 24’ වර්ගයේ ගුවන් යානයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *