ලයිට් බිල වැඩි කළොත් සජබ මහ පාරට

රජය යම් හෙයකින් විදුලි බිල වැඩි කළහොත් ජනතාව සමග  මහ පාරට බැස ඊට විරුද්ධව දැඩි ලෙස  සටන්  කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදුලි බිල වැඩි නොවේවා යැයි  ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කළේය

ලක්ෂ 225  ක ජනතාවකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස විපක්ෂ  නායකවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

ඔහු මෙම ඉල්ලීම කළේ සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේ ශ්‍රීමත්   මහාමාන්‍ය ඩී.එස්  සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය  ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *