විපක්ෂ හවුල ජයටම ඉස්සරහට යනවා

විපක්ෂයේ පක්ෂ වල එකතුව සාර්ථකව ඉදිරියට යමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණයේ සිටම සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙමින් ක්‍රියා කරමින් සිටින බව කී අබේවර්ධන මහතා ඒ ක්‍රියාදාමය මේ වනවිට ඉතාමත් සාර්ථකව ඉදිරියට යන බව සඳහන් කළේය.

වඩාත් පුළුල් ක්‍රියාදාමයකින් මැතිවරණයට මුහුණ දීම සඳහා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බවද අබේවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *