’’ලංකාවට ලෝකයෙන් ඉහළ පිළිගැනීමක්’’ – අමාත්‍ය නලින්ද

ලංකාව ගැන ලෝකයේ ඉහළ පිළිගැනීමක් සහ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බොහෝ රටවල් ලංකාව සමඟ සුහදශීලී ගණුදෙනු සඳහා අවතීරණ වී ඇති බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ දර්ගා නගරය ප්‍රාදේශීය රෝහලේ  ඉදිකරන ලද තෙමහල් නව කායික රෝග වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

චීන රජයේ ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් බිලියනයක  වියදමින් මෙය ඉදි කර තිබෙි.

මහල් 03 කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය ඇඳන් 04 කින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 96 කින් සමන්විත ළමා සහ මාතෘ වාට්ටු ද ඇතුළු වාට්ටු 04 කින් ද බාහිර රෝගී අංශය ඇතුළු අංශ ගණනාවකින් ද සමන්විත වන අතර මෙම කායික රෝග වාට්ටු සංකීර්ණයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දීමට  නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *