කෝටි 14ක රන් සමඟ දෙන්නෙක් මාට්ටු

නීතී විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 14 කට වැඩි වටිනාකමින් යුතු රන් කිලෝ හතරයි ග්‍රෑම් 454 ක්,සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් කල්පිටිය කළපුවේ සින්න අරිච්චල් ප්‍රදේශයේ දී ,කල්පිටිය විජය නාවුක ආයතනයේ මුර සංචාරක යාත්‍රාවක් මගින් අත් අඩංගුවට ගෙන ඇත.

ධීවරයින් ලෙසින් වෙස්වලාගෙන ධීවර දැල් ආම්පන්න සහිත යාත්‍රා කරමින් තිබූ මෙම යාත්‍රාව,නාවුක නිළධාරීන් විසින් පරීක්ෂා කර බැළීමේ දී මෙම රන් තොගය අත් අඩංගුවට ගෙන ඇත.

සැක කරුවන් දෙදෙනා කල්පිටිය ආණවාසල හා ජනසවිපුර පදිංචි වයස අවුරුදු 25 ක් වන තරුණයෝ වෙති.

මෙම රත්‍රං තොගය මුහුදේ දී වෙනත් ඉන්දිය යාත්‍රාවක භාර දීම පිණිස මෙසේ රැගෙන ගොස් ඇතයි කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *