ලංකාව – වතිකානය මුදල් විශුද්ධිකරණයට එරෙහි ගිවිසුමක්

ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ වතිකානු රාජ්‍යයේ (Holy See/Vatican City State) මුල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මුදල් විශුද්ධිකරණය, ඒ ආශ්‍රිත පූර්ව පාදක අපරාධ, ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම සහ අවි ව්‍යාප්තිය සඳහා අරමුදල් සැපයීමේ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමේදී සහයෝගීතාව පළ කිරීම පිළිබඳව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සහ වතිකානු රාජ්‍යයේ (Holy See/Vatican City State) මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත.

ඒ අනුව, දෙපාර්ශ්වය අතර එකී ගිවිසුමට අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *