ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පනවා ඇති උපදෙස් හා රෙගුලාසිවලට පටහැනිව ක්රියා කළ බව අනාවරණය වීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් හතරකට ඉන්ධන සැපයීම අද සිට ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටියේ එම ඉන්ධන පිරවුම්හල් සංස්ථාවේ උපදෙස් හා නීතිරීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව මාකොළ දකුණ මාකොළ, නාඋල, කැලණිය පෙතියාගොඩ සහ මීරිගම පිරවුම්හල්වල ඉන්ධන සැපයුම අත්හිටුවා ඇත.
ඉන්ධන පිරවුම්හල් මෙහෙයුම් CPC මාර්ගෝපදේශවලට අනුකූලව ක්රියාත්මක වන්නේද යන්න සොයා බැලීම සඳහා කණ්ඩායම් කිහිපයකට අනුයුක්ත කර ඇත.
වැඩි මිලට අලෙවි කර වැඩි ලාභයක් ලබාගැනීමේ අරමුණින් ඉන්ධන තොග තිබියදී ඉන්ධන නිකුත් නොකිරීම, තොග අවසන් වීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් හෙට සිට මැයි 14 වැනිදා දක්වා කෑන් සහ බැරල් සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.