රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100% දක්වා තීරුබදු පැනවීමට බලය ලබාදෙන නව නීතියකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව රුසියානු බොරතෙල් මිලදී ගන්නා ප්‍රධාන රටවල් අතර සිටින ඉන්දියාව සහ චීනයද මෙම පියවරෙන් බලපෑමට ලක්විය හැකිය.
යුක්රේනයේ පවතින යුද්ධය සම්බන්ධයෙන් මොස්කව් වෙත ආර්ථික පීඩනය වැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. රුසියාවෙන් බලශක්ති සම්පත් මිලදී ගැනීම අඛණ්ඩව සිදුකරන රටවලට දැඩි ආර්ථික බලපෑමක් එල්ල කිරීම හරහා රුසියාවේ බලශක්ති ආදායම් සීමා කිරීම මෙම නීතියේ අරමුණයි.
කෙසේ වෙතත්, නීතිය මගින් 100% දක්වා තීරුබදු පැනවීමට බලය ලබාදී තිබුණද, එම උපරිම තීරුබදු අනුපාතය සියලුම බලපෑමට ලක්වන රටවලට වහාම පැනවීම අනිවාර්ය නොවේ. නීතිය යටතේ තීරුබදු අනුපාතය තීරණය කිරීම සඳහා ජනාධිපතිවරයාට සැලකිය යුතු බලයක් හිමිවන අතර, ඉන්දියාව හෝ චීනය වැනි රටවල් නිශ්චිතව නම් කර නොමැත.
නව නීතිය මගින් රුසියානු නිලධාරීන්, බැංකු සහ මූල්‍ය ආයතන, බලශක්ති ක්ෂේත්රය මෙන්ම පවතින සම්බාධක මඟහැර රුසියානු තෙල් ප්‍රවාහනය කිරීමට භාවිත කරන නෞකා සම්බන්ධයෙන්ද නව සම්බාධක ක්‍රියාමාර්ග පුළුල් කර තිබේ.
නව නීතියට අනුව රුසියානු බොරතෙල් හෝ ගෑස් වැඩිම ප්‍රමාණයක් ආනයනය කරන ප්‍රධාන රටවල් පහ ඉලක්ක කර ගනිමින් මෙම තීරුබදු බලතල භාවිත කළ හැකිය.


