රුසියානු ආධාර තොගයක් කටුනායකට

ශ්‍රී ලංකාවේ ආපදා තත්වයට ආධාර වශයෙන් රුසියානු සමූහාණ්ඩුව මෙට්‍රික් ටොන් 35 ක් බරැති ආධාර තොගයක්  රැගත් එරට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය .

එම ගුවන් යානය තුළ ජංගම විදුලි බලාගාරයක් ( Mobile Power Station ) එළවළු තෙල් , සීනි , සහල් සහ කූඩාරම් තොගයක් තිබුණි .

එම භාණ්ඩ බාර ගැනීමේ  අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් ජගාරෙයාන් ( Levan Dzhagaryan ) , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , සීමසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *