රිමාන්ඩ් භාරයේ සිටියදී ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරදට ගාලුමුවදොර විරෝධතාවයේ නිරත ඩැනිෂ් අලිට සිර දඬුවම් නියම වී තිබේ.
අලි ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ වරද පිළිගෙන තිබුණා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ, ඒ අනුව ඔහු දින 14ක සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යන බවයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඩැනිෂ් අලි සිරදඬුවම් නියම කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ජුලි මස 27 වැනිදා කොළඹ මැගසින් බන්ධනාගාරයේය.
කෙසේ වෙතත්, බන්ධනාගාරය තුළදී ජංගම දුරකථනයක් භාවිත කිරීමේ චෝදනාවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර එම වරද සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා