රාජ්‍ය මූල්‍ය පනතට කතානායක සහතිකය

“රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති  පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ලෙස 2024 අගෝස්තු 08 වැනි දින සිට බලාත්මක වේ.

පනත් කෙටුම්පත 2024 මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය පසුගිය ජූලි 25 වැනිදා ඡන්ද විමසීමකින් තොව සංශෝධන සහිතව සම්මත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *