රන් බිස්කට් පන්නන්න හැදූ ගුවන් තොටුපොළ සේවකයා මාට්ටු

රුපියල් කෝටි 21 වටිනා කැරට් 24 රත්‍රන් බිස්කට් 51 රටතුළට ජාවාරම් කිරීමට උත්සාහ දැරූ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් සමත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා  ප්‍රකාශ කළේය.

අත් අඩංගුවට ගත් රත්‍රන් තොගයේ බර කිලෝ ග්‍රෑම් 5.941 ක් බවත් සැකකරු 54 හැවිරිදි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයකු බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය. සැකකරු සිය මේස්වල සුක්ෂම අයුරින් මෙම රත්‍රන් බිස්කට් තොගය සඟවා ගෙන රට තුළට ගෙන ඒමට උත්සාහ දරා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිටවන දොරටුව අසලදී ඊයේ(14) පෙරවරු 6.50 ට පමණ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *