රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරනවා

සාධනීය ලෙස පනත් සංශෝධනය කර රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරන බව ක්‍රීඩා නියොජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමිනි.

“පිරිසිදු ක්‍රීඩාවක් ඇතිකිරීමේ අරමුණින් මේ පනත ක්‍රියාත්මක කරනවා.ලෝක උත්තේජක මර්දන නියෝජිත ආයතනය මගින් මේ පනත ක්‍රියාත්මක  වෙනවා.

මේ ආයතන වල වගකීම වන්නේ පිරිසිදු ක්‍රීඩාවක් කරන්න මාර්ගෝපදේශ සැපයීමයි.ක්‍රීඩක ක්‍රීඩකාවන් තහනම් උත්තේජක වලට යොමු වන්නේ ඇයි? ආර්ථික වශයෙන් ඔවුන්ගේ ක්‍රීඩාව ඉදිරියට ගෙන ගෙන මූල්‍යමය ක්‍රියාදාමයකට එළඹීම අරමුණ වී තිබෙනවා. නමුත් මෙය සහජ දක්ෂතා වලින් ඉදිරියට එන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට කරන අසාධාරණයක් යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *