‘‘රජය ආගමට යොමු විය යුතුයි‘‘ – විපක්ෂ නායක

සම්බුද්ධ ශාසනය, ආගම ධර්මය, සංස්කෘතිය සුරක්ෂිත කරන වැඩකටයුතුවලට යොමුවීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ඒකීය භාවය, සවෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත වන්නේ සෑම ජාතියක්, ආගමක් සංස්කෘතියක් අතර සමගිය හා එකමුතුභාවය තුළින් බැවින් ඒ පිළිබඳ සිහිකල්පනාවෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඓතිහාසිය නවගමුව දේවාලයේ වාර්ෂික පෙරහර අවස්ථාව සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.

බුදුදහමට සම්බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් හිමිව තිබෙන බවත් එය තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උත්තරීතර නීතිය තුළින් තහවුරු කළ යුතු බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *