මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයන් 14ක් මාට්ටු

යාපනය, අනලතිව් දූපත ආසන්න මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 14 දෙනකු  භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ධීවරයන් පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම ධීවරයන් පිරිස ඊයේ (10) රාත්‍රී කාලයේ මෙරට මුහුදු සීමා නීති උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ඇති අතර නාවික හමුදා උතුරු නාවික විධානය මගින් නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව එම ඉන්දීය ධීවර යාත්‍රාව සිය භාරයට ගත් බව නාවික හමුදාව කියයි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *