මීටියාගොඩ වත්තකින් ගිනි අවි සහ කුඩු මතුවේ

මීටියාගොඩ  වේරගොඩ හරන්නාගල පාරේ ඉඩමක සඟවා තිබු ගිනි අවි උණ්ඩ සහ මත්කුඩු සොයාගත් බව ගෝනහේන පොලිස් විශේෂ බළකා කඳවුරේ නිලධාරීහු පවසති.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව හෙරොයින් ග්‍රෑම් 15ක් ,ටී 56 ගිණි අවියක්,උණ්ඩ 16ක් සහිත එහි පතරොම් ගැබක්,9 එම්.එම්.වර්ගයේ හිස් පතරොම් ගැබක් සමග ඉඩම් හිමියා ද  අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගෙන ඇත්තේ මිටියාගොඩ පාර හරන්නාගල පදිංචි 45 හැවිරිදි සැකකරුවෙකි. ඔහු මුදල් පොලියට දෙන පුද්ගලයකු බවට ද අනාවරණයවි ඇත.

මෙම තහනම් ද්‍රව්‍ය දැනට බන්ධනාගාර ගතකර සිටින අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බවත්  අත් අංගුවට ගෙන ඇති ඉඩම් හිමියා ඔහුගේ සහෝදරයකු බවත් පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *