මිග් ගනුදෙනුව ගැන ප්‍රකාශයක් ලබාදීමට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මතභේදයට තුඩුදී ඇති මිග් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඊයේ (10) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.

පෙර ලබාදී තිබූ දැනුම්දීමකට අනුව රොෂාන් ගුණතිලක මහතා ඊයේ පෙරවරු 9.30ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.

වසර කිහිපයක් තිස්සේ විමර්ශනයට ලක්වෙමින් පවතින මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයේ කොටසක් ලෙස ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු කැඳවා තිබූ බව වාර්තා වේ.

පසුව ගුවන් හමුදාවේ මාර්ෂල් තනතුරටද උසස් කරන ලද හිටපු ගුවන් හමුදාපතිවරයාගෙන්, අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ ඊට සම්බන්ධ ගනුදෙනු පිළිබඳ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *