මැරුණු ධීවරයන්ටත් විශ්‍රාම වැටුප් ගෙවලා

ජීවත්ව සිටින්නේද යන්න තහවුරු කර නොගෙන  ධීවරයන් වෙනුවෙන් රුපියල් කෝටි නවයකට ආසන්න වටිනා විශ්‍රාම වැටුප් 2024 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ හේතුවෙන් මියගිය ධීවරයන් වෙනුවෙන්ද  විශ්‍රාම වැටුප් ගෙවන්නට ඇතැයි අනුමාන කෙරේ. ධීවර විශ්‍රාමිකයන්ගේ ජීව දත්ත තොරතුරු පවත්වා ගැනීම හෝ යාවත්කාලීන නොකිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව එම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අදාළ ජීව දත්ත තොරතුරු පද්ධතිය නොපමාව යාවත්කාලීන කර පවත්වාගෙන යන්නැයි  විගණන කාර්යාලය එහි ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

ධීවර විශ්‍රාම වැටුප යෝජනා ක්‍රමයේ ප්‍රධාන ගොනුව අනුව දායකයන් ගණන 64117ක්වූ නමුත් දත්ත පද්ධතිය අනුව දායකයන් සංඛ්‍යාව 69049ක් වූ බවත් ඒ අනුව ධීවරයන් 4932ක වෙනස පිළිබඳව නිවැරදි තොරතුරු ආයතනය සතු නොවූ බවත් එම වාර්තාවේ සඳහන්වේ.

මේ අනුව දායකයන් පිළිබඳව නිවැරදි තොරතුරු ඇතුළත්  කර එම තොරතුරු පද්ධතිය යාවත්කාලීන  කළ යුතු බවට විගණන  කාර්යාලය නිර්දේශ කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *