මැතිවරණයට සුරාසැල් වසයි

ජනාධිපතිවරණය පැවැත්වෙන දින (21දා) සහ ඊට පසු දින (22දා) දිවයින පුරා මත්පැන්හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව  සඳහන් කරයි.

එහෙත්  මෙම දින දෙකෙහි සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත්  තරු තුන පන්තියට ඉහළ සුරාබදු ර.බි 7 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ  බුටික්  විලා බලපත්‍ර හිමි ස්ථානවල නේවාසිකව රැඳී සිටින  සංචාරකයන් සඳහා පමණක්  මත්පැන් අලෙවි කිරිමට අවසර තිබෙන බව පෙන්වා  දෙයි.

මෙම කාලසීමාවෙහි සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා  සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරය හා සම්බන්ධිත කෙටි දුරකතන අංකය වන 1913 දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක විවෘතව තැබෙන බවද සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *