මධ්‍ය කදුකරයට තද වර්ෂා…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් ජල විදුලි බලාගාර සදහා ජලය සැපයෙන කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි.

මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 26වන දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා 14 අගල් 01 පහලින් පවතින බවත් මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 40 අගල් 03 පිරි ඇති බවත් එම නිලධාරියා පවසයි.

මෙම ජලාශ දෙකේ ජලය විමසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියන් වැනි ජල විදුලි බලාගාරවල ජල විදුලිය නිපදවිම සදහා උපයෝගි කර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *