බෝඹුරු ඇල්ල වහයි

පවතින අධික වර්ෂාවත් සමඟ  බෝඹුරුදිය ඇල්ල නැරඹීමට  යන දෙස් විදෙස් සංචාරකයන්ට තාවකාලිකව  තහනම් කරමින් බෝබුරුදිය ඇල්ල මාර්ගය වසා දැමීමට ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා පොලිසියට නියම කලහ.

ඌව පළාතේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සුන්දර බෝඹුරුදිය ඇල්ල දේශීය විදේශීය සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

මේදිනවල පාසල් නිවාඩු සමයේ පිට පළාත්වල සිට ඌවපළාතේ බෝබුරුදිය ඇල්ල නැරඹීමට විශාල සංචාරකයන් පිරිසක් පැමිණෙන බවත් පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම දියඇල්ල නැරඹීමට යාම ඉතාමත් අනතුරුදායක  නිසා මෙලෙස මෙම මාර්ගය තාවකාලිකව වසා දැමු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *