බැකෝ සමන්ගේ බිරියට ඇඹිලිපිටිය උසාවියෙන් වරෙන්තු

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගේ බිරියට එරෙහිව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

හෙරොයින් කිලෝ 42 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බැකෝ සමන් නැමත්තාට එරෙහිව  ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බවත් එම නඩුවට අදාළව බැකෝ සමන් නැමත්තාගේ බිරියට එම මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවද එම නිලධාරියා කීය.

බැකෝ සමන් නැමැත්තාගේ බිරිය  ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපොලේ දී  අත්අඩංගුවට ගනු ලැබුවාය.

අත්අඩංගුවට ගත් සැකකාරියේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පසුවන බවද එම උසස් නිලධාරියා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *